දරුවකුගේණය මුදලක් සඳහා ඇපයක් ලෙස මව් පියන්ට හිමි දේපළක ඔප්පුවක් තබාගත හැකිය. එවිට දේපළ හිමිකරු හෝ හිමිකාරිය එම ණය මුදලේ ඇප කරුවකු බවට පත්වේ.Read more
අවලංගු කළ හැකිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් හෝ නියෝජ්‍ය ඉඩම් කොමසාරිස් / සහකාර ඉඩම් කොමසාරිස් (අන්තර් පළාත්) කාර්යාලයෙන් ඉඩම් කොමසාරිස් කාර්යාලයෙන් ඉඩම් කොමසාරිස් 155 ආකෘති 3 ක් ගෙන, එය සම්පූර්ණ කර නැවත භාර දෙන්න. එම ආකෘති පත්‍රය නොතාරිස්වරයෙක්, සාමදාන විනිශ්චයකාරවරයෙක්, ඉඩම් රෙජිස්ට්‍රාර්වරයෙක් මගින් සහතික කරගත හැකිය. ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් එය පහසුවෙන් නොමිලේ කරගත හැකිය. එම ලියවිලිRead more
පසු අයිතිය නම්කර නොමැතිව දේපළ හිමිකරු හෝ හිමිකාරිය මියගියහොත් ඉඩම් ආඥා පනත යටතේ හිමිව ඇති දේපළක්නම් කලත්‍රයාට ජිවිත භුක්තිය හිමිවන අතර වැඩිමහල් පිරිමි දරුවාට ඉන් පසු එහි අයිතිය හිමිවේ. එසේ නොවන දේපළ වේනම්, ඒවායේ වටිනාකම මිලියන 4 ඉක්මවන අවස්ථාවක බූදල් නඩුවක් මගින් උරුමකරුවන්ට එම දේපළවල උරුමය ලබාගත හැකිය.Read more
ඔප්පුවක් ලැබුණු ඉඩමක අයිතිය දිය හැක්කේ තමන්ගේ කලත්‍රයාට (භාර්යාවට හෝ ස්වාමිපුරුෂයාට), දරුවන්ට හෝ ලේ නෑයෙකුට පමණි. ඔබ කැමති නම්, ඔප්පුවේ ඇති සීමාවන් අනුව, තම දරුවන්ට කොටස් කර ලබාදිය හැකි බව ඉඩම් කොමසාරිස් ජනරාල් දෙපාර්තමේන්තුව පවසයි. තවද ප්‍රදාන පත්‍රකරු හෝ පවුලේ අය අනාථභාවයට පත්නොවන්නේනම්, ප්‍රාදේශීය ලේකම්ගේ අනුමැතිය මත ගොවි පංතියේ කෙනෙකුට පැවරීමටද හැකියාව තිබේ. Read more
විවාහකයකු නම් බිරිඳට 50%ක්ද ඉතිරිය දරුවන්ට සමසේද උරුමවේ. අවිවාහකයකුනම් දෙමාපියන්ට 50%ක්ද ඉතිරිය සහෝදර සහෝදරියන්ට සමසේද උරුමවේ. මිලියන 4කට වඩා වටිනාකමක් ඇති දේපළ සම්බන්ධයෙන් අධිකරණය වෙත නඩුකරයක් ඉදිරිපත්කර දේපළ හිමිකම ලබාගත යුතුය.Read more
තෑගි ඔප්පුවකින් පවරණ ලද දේපළක්නම් පමණක් යළි පවරා ගැනීමේ හැකියාව පවතී. ඔබ ඔබේ දරුවෙකුට හෝ අන් අයෙකුට තෑගි ඔප්පුවක් මගින් කිසියම් දේපළක් පැවරීමේදී එය කොන්දේසි සහිතව, අවලංගු කළ හැකි හෝ අවලංගු කළ හැකි හෝ කොන්දේසි නොමැතිව යන ආකාරයන්ට එම තෑගි ඔප්පුව ලිවීම කළ හැකිය. අවලංගු කළ හැකි ලෙස තෑගි ඔප්පුවක් ලෙස ලියන ලද්දක් නම් එමRead more
ඉඩමක හෝ නිශ්චල දේපළක අයිතිය භුක්තිවිඳීම මත ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එවැනි අයකුගේ භුක්තිය කෙසේ විය යුතු ද යන්න කාලාවරෝධි ආඥා පනතේ තුන් වැනි වගන්තියේ දක්වා තිබේ. ඒ අනුව එම ඉඩම අඛණ්ඩ, නිර්බාධිත, ප්‍රතිවිරුද්ධ හෝ ස්වාධීන ලෙස වසර 10ක් යමෙක් සන්තකයේ පැවතුණහොත් ඒ පුද්ගලයාට ඒ ඉඩම කාලාවරෝධයෙන් හිමි විය හැකිය. ඒ සඳහා කාලාවරෝධි ආඥාRead more
නඩුකරය අවසානයේ ලැබෙන තීන්දුව මත, මියගිය පුද්ගලයාට හිමිවන දේපළ ප්‍රමාණය එහි උරුමකරුවන්ගේ විරෝධතා නොවන්නේනම් නොතාරිස්වරයකු මගින් බෙදාගත හැකිය. විරෝධතා වේනම් අධිකරණය වෙත නඩුකරයක් ඉදිරිපත්කර, එහි තීන්දුව අනුව එම දේපළ බෙදාගත යුතුය.Read more
අන්තිම කැමති පත්‍රයක් යනු? අන්තිම කැමති පත්‍රයක් යනු කිසියම් තැනැත්තක්ගේ මරණයෙන් පසුව ඔහුගේ හෝ ඇයගේ ජීවිත කාලය තුළ රැස් කරගත් බූදලයට ගත යුතු ක්‍රියාමාර්ගය සම්බන්ධයෙන් එම තැනැත්තා විසින් කරනු ලබන අවසාන ප්‍රකාශන පත්‍රය වේ. අන්තිම කැමති පත්‍රයක් සහිතව මියගිය තැනැත්තකුගේ බූදලය ඔහුගේ අන්තිම කැමැත්ත මත බෙදී යා යුතුවේ. අන්තිම කැමති පත්‍ර ආඥා පනතේ 3 වනRead more
අදාල පුද්ගලයාගේ මරණින් පසු අන්තිම කැමති පත්‍රය අධිකරණයට ඉදිරිපත් කර නඩුකරයක් මගින් ඒවා බෙදා ගත යුතුය . අන්තිම කැමැත්ත ලියූ තැනැත්තා මියගිය පසු අන්තිම කැමති පත්‍රය උසාවියට ඉදිරිපත් කොට දේපල නිසි ආකාරව බෙදා දීම පොල්මක්කරු විසින් සිදු කළ යුත්තකි. අනිත්ම කැමති පත්‍රයක එම ඉල්ලීම් ඉටු කිරීමට විශ්වාසවන්ත අයකු පත්කර තිබිය යුතුය . ඔහු “පොල්මක්කරු ”Read more
2019 © Earth Lanka Holding (Pvt) Ltd All Rights Reserved | Design & Developed by Mysite IT Solutions