තෑගි ඔප්පුවකින් පවරණ ලද දේපළක්නම් පමණක් යළි පවරා ගැනීමේ හැකියාව පවතී.
ඔබ ඔබේ දරුවෙකුට හෝ අන් අයෙකුට තෑගි ඔප්පුවක් මගින් කිසියම් දේපළක් පැවරීමේදී එය කොන්දේසි සහිතව, අවලංගු කළ හැකි හෝ අවලංගු කළ හැකි හෝ කොන්දේසි නොමැතිව යන ආකාරයන්ට එම තෑගි ඔප්පුව ලිවීම කළ හැකිය.
අවලංගු කළ හැකි ලෙස තෑගි ඔප්පුවක් ලෙස ලියන ලද්දක් නම් එම දේපළ කරදරයකින් තොරවම නැවත ලබා ගැනීමට ඔබට හැකියාව පවතී. එමෙන්ම කොන්දේසි සහිතව ලියන ලද තෑගි ඔප්පුවක්නම්, තෑගි ඔප්පුව මගින් දේපළේ හිමිකම ලබන තැනැත්තා එම කොන්දේසි උල්ලංඝනය කරන්නේනම් එවැනි විටකද අදාල දේපළ යළි ලබා ගැනීමේ හැකියාව පවතී.
නමුත් අවලංගු කළ නොහැකි ලෙස ලියන ලද්දක් වුවද අධිකරණයට කරුණු දක්වා අධිකරණයේ අවසරය ඇතිව යළි පවරා ගැනීමට තෑගි ඔප්පුවකින් දේපළ පිරිනැමූ පුද්ගලයාට හැකියාව තිබේ.
ඒ පහත දැක්වෙන කරුණු කිහිපයෙන් එකක් හෝ කිහිපයක් අධිකරණය හමුවේ ඔප්පු කිරීමෙන් අනතුරුවය.
- තෑගි ඔප්පුව ලැබූ තැනැත්තාගේ බලවත් අකෘතඥතාව
- තෑගි ඔප්පුව ලැබූ තැනැත්තා දීමනාකරුට වද හිංසා පමුණාවා තිබීම
- තෑගි ඔප්පුව ලැබූ තැනැත්තා අදාල දේපළට හිතා මතාම හානිකර ඇති විට
- තෑගි ඔප්පුව ලැබූ තැනැත් දීමනාකරුට ජීවිත හානි කිරීමට තැත්කළ විට හෝ
- එවැනි බරපතල අමානුෂික ක්රියාවන් දීමනා කරුට කළ ඇති විටක
අධිකරණය හමුවේ ඉහත කරුණු සනාත කොට අවලංගු කළ නොහැකි ලෙස හෝ කොන්දේසි රහිතව තෑගි ඔප්පුවකින් පවරණ ලද දේපළක් වුවද යළි පවරා ගැනීමට නීතිමය අවස්ථාව පවතී.
Leave a Comment