පිරිසිදු ඔප්පු සහිතව මිලදී ගත්තද එම ඉඩම ඔබ බලාපොරොත්තුවන කටයුත්ත කරගෙන යාමේදී ඊට සුදුසු තත්ත්වයේ නොපවතීනම් එය නිසි පරිදි සකස් කරගැනීමට ඔබට අමතර මුදලක් වැය කිරීමට අනිවාර්යයෙන්ම සිදුවේ. එබැවින් ඉඩමක පිරිසිදු ඔප්පු පමණක් පැවතීම ඉඩමක් මිලදී ගැනීමේදී සුදුසු සාධකයක් නොවේ.
ඉඩමේ නීත්‍යානුකූලභාවයට අමතරව මතු සඳහන් කාරනා සම්බන්ධයෙන්ද ඔබ ඔබේ අවධානය යොමු කළ යුතුය.
- අදාල ඉඩමට පිවිසීමට සුදුසු මාර්ග පහසුකම් පවතීද යන්න, ජලය විදුලිය ලබා ගැනීමේ පහසුකම් පවතීද යන්න පිළිබඳව ඔබ විශේෂ සැලකිල්ලක් දැක්විය යුතුය.
- ඉඩම වලක ස්වභාවය (තාච්චියක් මෙන්) ගන්නේනම් ජලය බැහැර කිරීම අපහසු කාර්යක් වනවා මෙන්ම වතුර එක්රැස් වීමෙන්ද ඔබට පසු කලෙක පීඩාවට පත්විය හැකි බව මතක තබා ගතයුතුය. එමෙන්ම විශාල ගල් සහිත ඉඩමක්ද මිලදී ගැනීමට සුදු නොවේ.
- ඉඩමෙහි හැඩය ගැනද මිලදී ගැනීමට පෙර ඔබ සැලකිලිමත් විය යුතුමය. ත්‍රි කෝණාකාර ඉඩමක් මිලදී ගතහොත් නිවසක් ඉදිකිරීමේදී ඔබට යම් අපහසු තාවයන්ට මුහුණ දීමට සිදුවනු ඇත. එබැවින් සෑම විටකම චතුරශ්‍රාකාර ඉඩමක් මිලදී ගැනීමට උත්සුක වන්න.
- ඉඩම පිහිටි ප්‍රදේශය නායයාම් ගං වතුර වැනි ස්වභාවික ආපදාවන්ට ලක්වන ප්‍රදේශයක්ද යන්න පිළිබඳවද ඔබ සැලකිළිමත් වියයුතුය.
- ඉඩම මිලදී ගන්නා ප්‍රදේශයේ සමාජ වටපිටාව ගැනද විශේෂයෙන් සැලකිළිමත් වීම වැදගත් කරුණකි. ඔබට ඔබේ පවුලේ සාමාජිකයින්ට නොගැලපෙන සමාජ වටපිටාවක් පවතීනම් එවැනි ප්‍රදේශයක ඉඩමක් මිලදී ගැනීම ඔබට ඉදිරියේදී ගැටළුවක් විය හැකිය.
- ඔබ තවදුරටත් සැලකිය යුතු කරුණක්නම් ඉඩම මිලදීගන්නා ප්‍රදේශය රජයේ විශේෂ සංවර්ධන ව්‍යාපෘති සඳහා තෝරාගෙන ඇති හෝ තොරාගත හැකි ප්‍රදේශයක්ද යන්න පිළිබඳවද සැලකිළිමත් වන්න.
- නිවාස වැනි ඉදිකිරීම් සහිත ඉඩමක් මිලදී ගන්නේනම් එම ඉදිකිරීමවල කාලවකවානූ හා ඉදිකිරීම්වල තත්ත්වය පිළිබඳව වඩාත් සැලකිළිමත් වන්න.
Leave a Comment