ඉඩමක හෝ නිශ්චල දේපළක අයිතිය භුක්තිවිඳීම මත ලබා ගැනීමට අපේක්ෂා කරන්නේ නම් එවැනි අයකුගේ භුක්තිය කෙසේ විය යුතු ද යන්න කාලාවරෝධි ආඥා පනතේ තුන් වැනි වගන්තියේ දක්වා තිබේ. ඒ අනුව එම ඉඩම අඛණ්ඩ, නිර්බාධිත, ප්‍රතිවිරුද්ධ හෝ ස්වාධීන ලෙස වසර 10ක් යමෙක් සන්තකයේ පැවතුණහොත් ඒ පුද්ගලයාට ඒ ඉඩම කාලාවරෝධයෙන් හිමි විය හැකිය.
ඒ සඳහා කාලාවරෝධි ආඥා පනතේ 3 වැනි වගන්තියට අනුව වසර 10ක අඛණ්ඩ හා නිර්බාධිත භුක්තියක් තිබූ බව අධිකරණය හමුවේ ඔප්පු කළ යුතු වේ.
අඛණ්ඩ භුක්තිය යනුවෙන් අදහස් වෙන්නේ අයිතිය ඉල්ලා සිටින පුද්ගලයා එම කාලය පුරාම, සෑම වසරක් තුළම නොකඩවාම එම ඉඩම භුක්ති විඳ තිබිය යුතු බවයි. නිර්බාධිත යනුවෙන් අදහස් වෙන්නේ එම කාලය තුළ කිසිදු අයකුගේ බාධාවකින් තොරව එම ඉඩම භුකති විඳ තිබීම යන්නයි.
Leave a Comment